ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *