තවත් තරුණියක් අතුරුදන්

ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති  තරුණියකි.

ඇයගේ දෙමව්පියන් පැවසුවේ පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවය.

මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බව ඇයගේ මව පැවසුවාය.

තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී තිබුණි. 

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණියගේ මව, 

“තවම ඇය ගැන තොරතුරක් නැහැ. අපි මේ බලාගෙන ඉදලා බැරිම තැන තමයි මාධ්‍යට කිව්වේ. මගේ දුව ව කවුරුහරි දැකලා තියෙනවා නම් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *