පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයන හේතුව කාදිනල් හිමියන් කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්  පවසයි.

මහබාගේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මහබාගේ ශාන්ත ජූඩ් දේවස්ථානයේ අල්තාරය ආශිර්වාද ගැන්වීමේ උත්සවය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්වුණි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්,

“සත්‍ය සොයාගැනීම වෙනුවෙන් ඇයි අපි මෙච්චර දඟලන්නේ. ආණ්ඩු කරන අය කියන දේවල් පිළිඅරගෙන අපිට හොඳ ශේප් එකේ ඉන්න පුළුවන් නේ. ඒවා කළේ නැහැ කියලා අපේ ඇඟ රිදෙන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි අපි අපේ සහෝදරයාගේ ජීවිතය ගැන අපි වගකියන්න ඕනේ. අපි සංවේදී වෙන්නේ නැත්නම් අපි හරි ආත්මාර්ථකාමීයි.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *