ප්ලාස්ටික් බිත්තර වෙළෙඳපොළේ?: අධිකාරියෙන් ප්‍රකාශයක්

ව්‍යාජ කෘත්‍රිම බිත්තර සංසරණය වීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාරය හා සමානව මෙම ප්‍රචාරයත් සාවද්‍ය පුවතක් බැවින් ජනතාව බිත්තර පරිභෝජනයට බියක් ඇති කර නොගන්නා ලෙසයි එම අධිකාරිය සඳහන් කළේ.

එබැවින් එවැනි සාවද්‍ය පුවත්වලට නොරැවටී සිටින ලෙසත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණීමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට හැකියාව නොමැති බවත් පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

නමුත් මෙවැනි අකටයුත්තක් සිදුවුව හොත් 1977 යන දුරකතන අංකය හරහා පැමිණිලි කරන ලෙසයි පාරිභෝගික සේවා අධිකාරි ජනතාවට දැනුම් දෙන්නේ.