“ඉනිසියුලින් එන්නත් කර” සිය මිණිබිරිය ඝාතනය කළ මිත්තණිය

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී මිය ගිය දැරියකගේ මළ සිරුරක් පෙරේදා (සැප්. 12) සොයා ගෙන තිබේ.

ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුගඳක් හමන බවට එහි සේවකයෙකු කළ දැනුම් දීමකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය සඳහන් කළේ, එහිදී එම කාමරයේ එක් ඇඳක දින කිහිපයකට පෙර මිය ගිය දැරියකගේ මෘත ශරීරයක් තිබී හමු වී ඇති බව ත් අනෙක් ඇඳෙහි සිහසුන්ව කාන්තාවක සිට ඇති බව ත් ය.

ඒ අනුව, එම කාන්තාව ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

මිය ගිය දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පළමු විවාහයේ දැරිය බවට අනාවරණය වී ඇති අතර මොවුන් දෙදෙනා සැප්. 9 අදාළ ලැගුම්හල වෙත පැමිණ ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් සහ නිදි පෙති 10ක් ලබා දී මෙම දැරිය ඝාතනය කරනු ලැබ ඇති බව ය.

අපරාධයට සම්බන්ධයේ වයස අවුරුදු 63ක් වන එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

දැරියගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර දැරියගේ පියා වෙත භාර දී ඇත.

මිය ගිය දැරිය වයස අවුරුදු 12ක් වූ ත්‍රිකුණාමලය, පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මේ පිළිබඳ ව කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *