චැනල් 4 චෝදනාවට ගෝඨාභය ගෙන් පිළිතුරු

චැනල් 4 නාළිකාවේ නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විසින් ඊයේ නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මීට පෙර එම නාළිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳව විකාශය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නක් බවය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ තමා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ යැයි කීම අතිශයින්ම ජුගුප්සාජනක බවය.

යම්යම් පුද්ගලයින් දේශපාලන ස්ථාවරයක සිට තමාට එරෙහිව චෝදනා එල්ල කළ ද තමා රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක් ම පෞද්ගලිකව සිදුකර ඇති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කල නිවේදනයේ සඳහන්ව ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *