හෙට කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක්: පළාත් තුනකට තද වැඩි

දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට (02) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

තව ද අධික වැසි සහිත කාලගුණ තත්ත්වය තුළ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *