පෙට්‍රල් 13 කින් – ඩීසල් 35 කින් – සියලු ඉන්ධන මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. මෙවර සෑම ඉන්ධන වර්ගයක ම මිල ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 13 කින්. එහි නව මිල රුපියල් 361 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417 ක්.

ඩීසල් මිලද ඉහළ දමා ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 341 ක්. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 359 ක් වනවා.  ලංකා භූමිතෙල් මිල ද රුපියල් 5 කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ. එහි නව මිල රුපියල් 231 ක්. 

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තීරණයට අනුව වැඩි කර ඇති මිල ගණන් අනුව ලංකා IOC සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.


ඉකුත් ජූලි මස 31 වනදා ද ඉන්ධන මිල සංශෝධනය කෙරුණා. එහිදී ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මෙන්ම සුපිරි ඩීසල් මිලද ඉහළ ගියා. ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල එහිදී පහළ දැමීමටයි පියවර ගෙන තිබුණේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *