පෑවිල්ල දිගට ම තිබුණොත් ජල විදුලිය තව සති 4යි

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් කළ හැක්කේ සති හතරක පමණ කෙටි කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අඟවයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව යි.

සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 1 දක්වාත් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව සියයට 28 දක්වාත් මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 35 දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 25 දක්වාත් මේ සති අන්තය වන විට පහත වැටී තිබේ.

ඒ අනුව, ජල විදුලිය තවදුරටත් නිපදවිය හැකි වන්නේ ගිගාවොට් පැය 300ක් වේ.

මේ වන විට තාප බලාගාරවලින් සියයට 65ක ධාරිතාවක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ නංවා ඇති අතර ‘සෝලා’ සහ සුළං බලාගාරයන්ගෙන් සියයට 11ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ලබා ගනී.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *