තවත් බිහිසුණු බස් අනතුරක්

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බස් රථයේ ගමන්ගත් 15ක් තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *