ජනපති ණය ප්‍රතිව්‍යුහගතකරන හැටි හෙළි කරයි.

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක් වසර පහක කාලයක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී EPF,ETF අරමුදල් සදහා හෝ බැංකු පද්ධතියේ තැන්පතු වලට හෝ දැනට ගෙවන කිසිදු පොලියකට හෝ කිසිදු බලපෑමක් ඇති නොවන බව ද පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වන ලක්සියනෑ මන්දිරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *