විදුහල්පතිගෙන් පහර කෑ 04 වසරේ දරුවා රෝහලේ

මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර ඇත.

ඉකුත් 15 වනදා අදාළ පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණ ද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇති බව අනාවරණය වෙයි.

පසුව සිසුවා නිවසට ගිය පසු එකවරම වමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දරුවාගෙන් ප්‍රශ්න කර තිබුණි.

එහිදී සිසුවා, තමන්ට විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට පවසා තිබේ.

ඉන් අනතරුව දෙමාපියන් විසින් සිසුවාට අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට සිසුවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරුව දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් බංගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර විදුහල්පතිවරයාව ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (17) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *