සිසුවියගේ ‘ගණිත පේපරේට’ වට්ස්ඇප් මගින් ගුරාගෙන් පිළිතුරු

බිබිල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක පෙරේදා (ජූනි 6) පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයක් මගින් ඡායාරූපගත කොට ගුරුවරයෙකුට අයත් වට්ස්ඇප් යෙදුම මගින් යොමු කර ඒ සඳහා අදාළ ගුරුවරයාගෙන් පිළිතුරු ලබාගෙන ලියමින් සිටි විභාග අපේක්ෂිකාවක විභාගශාලා නිරීක්ෂණය කරන ගුරුවරයකුට හසුවී ඇත.

මෙම අපේක්ෂිකාව දෙවන වර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව සිටි ශාලා අංක 2 වෙත පිවිසීමේදී ඇය ජංගම දුරකතනය සඟවා ගෙනැවිත් ප්‍රශ්න පත්‍රය ලද පසුව මෙම වංචාව කර ඇත.

ඇයට මෙලෙස පිළිතුරු යොමු කර ඇත්තේ එම පාසලේ ගණිත විෂය උගන්වන ගුරුවරයෙකි.

සිද්ධිය පිළිබඳව බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජේ. සුසිල් විජේතිලකගේ උපදෙස් පිට මහියංගණය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.එස්.ඩී. ඩයස් මෙම ශිෂ්‍යාව භාවිත කළ ජංගම දුරකතනය භාරයට ගෙන අදාළ වංචාවට සහය දුන් ගුරුවරයා බිබිල අධ්‍යාපන කලාපයට කැඳවා ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *