පානදුර ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සිසුවා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට සහාය වීම සඳහා ඔහු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී  ඇති බවය.

පානදුර වෑකඩ ප්‍රදේශයේදී 31 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇඟලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබුණි.

ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහි තිබූ සීසීටීවී කැමරාවේ ද සටහන්ව ඇත.

තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *