අද රෑට වෙනස් වෙන ඉන්ධන කෝටාව

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දැමෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇති අතර සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ලීටර 08ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ නංවා තිබේ.

ලීටර 30ක්ව පැවැති මෝටර් රථ ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දමා ඇති අතර වෑන් රථයක් සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර 30 සිට ලීටර 40 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්ය.

ඊට අමතරව ලීටර 60ක්ව පැවැති බස් රථ සඳහා ඉන්ධන කෝටාව ද අද මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 125 දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *