රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කතුන් දෙදෙනෙක් දැලේ

විදෙස් රැකියාවක් ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම සැකකාරියන් දෙදෙනා කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබා ‍දෙන පවසා රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කර ඇති බව ය.

මේ සම්බන්ධයෙන් මන්නාරම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (මැයි 3) දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 23 සහ 42 වයස්වල පසුවන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියෝ වෙති.

සැකකාරියන් දෙදෙනා ඊයේ දිනයේදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *