කුඹුරු යායක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි

කුඹුරුයායක නියරක් මත මුනින් අතරට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයා ගෙන තිබේ.

ඊයේ (02) ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීරජනපදයේ පෙර පාසලක් පිටුපස තිබී එම මළ සිරුර හමුවූ බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 66 හැවිරිදි වල්ඉඟුරුකැටිය, ඌරගස්මංහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මරණකාරිය වැටී සිටි ස්ථානය අසල අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක් ද දක්නට ඇති අතර, අනවසර විදුලි රැහැනේ ගැටීමෙන් එම කාන්තාව මියයන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *