බස් ගාස්තු ගෙවීමටත් QR

ලංගම බස් ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි

නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩිපෝ 7ක් සඳහා බස් රථ 26ක් ලබාදීම ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැත්වුණි.