සති හයකදී ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 164ක්

ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවේ ගාල්ල නගර සභාව, බද්දේගම, බලපිටිය, හබරාදුව, අක්මීමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි.

කෙසේවෙතත් එම කාලසීමාව තුල කිසිදු ඩෙංගු මරණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි නොමැති බවද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවා. අදාළ ප්‍රදේශයන් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *