මහින්දට යළිත් අගමැති ධුරය දීමේ යෝජනාවක්

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රපජක්ෂ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන් වෙත රැගෙන එනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

“පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ඇවිලා තියෙනවා අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙළක් යනවා කියලා.

දිනේෂ් ගුණවර්ධන මහත්මයාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත වතාවක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙළක් තියෙනවා කියලා.”

“අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ට මාරු කරලා පිළියමක් තියෙයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ. එහෙම නැතුව අගමැතිකම් වෙනස් කරලා නම් කිසිසේත් ම මේ රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර ලැබෙයි කියලා අපි හිතන්නේ නෑ.

“ඒ විතරක් නෙවෙයි නිදහස් ජනතා සන්ධානයේ කිසි ම කෙනෙක් මේ වෙලාවේ අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කරලා ආණ්ඩුව ඕන ඕන අයව අගමැතිවරු කරන්න දරන මේ උත්සහයට සහය දෙන්නේ නෑ. අපේ ආශිර්වාදයක් ඒ සඳහා ලැබෙන්නේ නෑ කියන එක පැහැදිලිව ම ප්‍රකාශ කරන්න ඕන.

මහින්ද රාජපක්ෂ මැතිතුමා මම හිතන්නේ දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා විවේක සුවයෙන් ගෙදර ඉන්න එක තමයි වඩා ත් ම සුදුසු. එහෙම වුණොත් එතුමාගේ රට වෙනුවෙන් කරපු යමක් තියේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වෙයි.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *