IMF ශ්‍රී ලංකාව ගැන දරන ස්ථාවරය හෙළිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් සලකාබලන හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදීම සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් රටක් සද්භාවයෙන් සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කරමින් උත්සාහ දරන්නේ නම් හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සිදු කරනු ලබයි. 

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තවදුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශ්ව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබාදී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය ණය සහතිකය තවමත් ලබාදී නොමැති බවද එම අරමුදල උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසා ඇත.

කෙසේ වෙතත් චීනයේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *