CCTV කැමරාවේ පටිගත වූ QR ෆෝන් හොරු

ඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා ස්මාට් ජංගම දුරකථන සොරකම් කළ දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන හෝමාගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් ප්‍රථමයෙන් යතුරුපැදියකින් පැමිණ බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ජංගම දුරකතනයක් සොරකම් කර පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තලංගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය ජනවාරි මස 25 වනදා සිට සැකකරුවන් මහරගම, පිළියන්දල, කොට්ටාව සහ රාජගිරිය ඇතුළු පොලිස් වසම් 8ක ඉන්ධන පිරවුම්හල් 12කින් ජංගම දුරකථන 12ක් සොරකම් කර පළාගොස් ඇති බව විමර්ශනයන් හිදී අනාවරණය වී තිබේ.

එම සැකකරුවන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් විවිධ යතුරුපැදි යොදාගනිමින් මෙම සොරකම සිදුකර ඇති බවත් අනාවරණය වී ඇති අතර ඔවුන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් එම සොරකම්වල නිරත වූ අයුරු ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ CCTV කැමරාවක පටිගතව තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *