සොරකම් කළ සියලු මුදල් ආපසු ගන්නවා

දේශපාලකයන් සොරකම් කරන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කරන බව ත් සොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (පෙබ. 4) පැවසීය.

මුදල් විශුද්ධිකරණ පනත ද නවීකරණය කොට ශක්තිමත් කරන බව ද ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමේදී හෙතෙම කීය.

ජාත්‍යන්තර මූල්‍ය සම්පාදන පිළිබඳව බුද්ධිමය දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචාකරුවන් හඳුනාගැනීමට තම රජයක් තුළ කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

රටේ ජනතාව දරාගත නොහැකි ආර්ථික පීඩනයකින් සිටින බව ත් මේ තත්ත්වය වෙනස් කොට රට ගොඩනගන නව නිදහස් අරගලය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ආරම්භ කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

එදා ජාති, ආගම්, කුලමල, පක්ෂ භේදයකින් තොරව මේ රටට නිදහස ලබා ගැනීමට ඇප කැප වූ වීරයන්ට සිය ප්‍රණාමය පුද කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *