පාර්ලිමේන්තු වීඩියෝ ගත කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී ඇත.

29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට පාර්ලිමේන්තු පිට්ටනියේ රණවිරු ස්මාරකය අසලින් අනවසරයෙන් ඇතුළු වී සැකකරුවන් විසින් පාර්ලිමේන්තුව වීඩියෝ ගතකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 31ත් අතර පසුවන යාපනය හා කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් ඊයේ (30) කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *