පාසැල් සිසුන්ට රසකැවිලි කියා මත්ද්‍රව්‍ය දුන් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

පානදුර, වලාන ප්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කළ හැකි රසකැවිලි පාසැල් සිසුන්ට අලෙවි කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

 
මේ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක බවයි පානදුර උතුර පොලීසිය පැවසුවේ.

අදාළ වෙළඳසැල පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන යනු ලබනවා.

එහි සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය මිශ්‍රයැයි සැකකෙරෙන “ශුගර් බෝල්” නමැති කුඩා බෝල 4,000 කට අධික ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය මිශ්‍රිත යැයි සැකකෙරෙන ලොලිපොප් 55 ක් සොයාගැනීමට පානදුර උතුර පොලීසිය සමත්වුණා.

ඒ, සිය දරුවන් මෙම බෝල සහ ලොලිපොප්වලට ඇබ්බැහිවී ඇති බවට දෙමව්පියන් පිරිසක් කළ දැනුම් දීමකට අනුව සිදුකළ වැටලීමකදීයි. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *