රනිල්ට කේක් කවමින් රම්පෝසා දුන් පොරොන්දුව

‘සත්‍ය සහ සංහිඳියා කාර්යාලය’ යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී තිබේ.

‘සත්‍ය හා සංහිඳියා කාර්යාලය’ ස්ථාපනය කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා මෙරට නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාව වෙත යොමු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි රම්පෝසා මහතා වෙත දැනුම් දී තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජී20 සමුළුව අවසන් කොට නැවත සිය රට බලා යන අතරතුර කෙටි විවේකයක් ගැනීමට පසුගිය බදාදා (නොවැ. 16) මෙරටට පැමිණි අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවේදී සත්‍ය හා සංහිඳියා කාර්යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳ සාකච්ඡාව පවත්වා තිබේ.

ප්‍රජාව අතර කල්පවත්නා සංහිඳියාවක් ඇති කර ගැනීමට ‘සත්‍ය හා සංහිඳියා කාර්යාලයක්’ පිහිටුවීමේ යෝජනාව 2015 යහපාලන රජය සමයේ ඉදිරිපත් කරන ලද්දේ එවකට අගමැතිවරයා වූ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසිනි.

දකුණු අප්‍රිකාව කළු සුදු භේදය අවසන් කළ ආකාරයට මෙරට ප්‍රජාව අතර සංහිඳියාව ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්යාලයේ අරමුණ වේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *