වැඩි මිලට බිත්තර වික්ක තවත් වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩයක්

වැඩි මිලට බිත්තර අලෙවි කළ වැල්ලවාය, පැල්වත්ත ප්‍රදේශයේ වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් වැඩි මිලට බිත්තර අලෙවි කළ එම වෙළදසැල් හිමියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් වැල්ලවාය ප්‍රදේශයේ වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළදසැල් සොයා වැටලීමක් සිදු කර තිබුණා. එහිදී වැඩි මිලට බිත්තර අලෙවි කළ සහ මිල ප්‍රදර්ශනය නොකළ තවත් වෙළදසැල් 7කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. එම වෙළදසැල් 7 සදහා වැල්ලවාය අධිකරණය මගින් රුපියල් 20,000 සහ 10,000 දඩ මුදල් නියම කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළදුන් සොයා තවදුරටත් වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එහි සභාපති ශාන්ත නිරිඇල්ල පැවසුවේ දෛනිකව සියයකට ආසන්න වැටලීම් ප්‍රමාණයක් සිදු කරන බවයි.   

යම් කිසි වෙළදසැලක් පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කරන්නේ නම් ඒ පිලිබදව 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙසටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. 


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *