මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කර තිබේ.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ කමිටුව පත් කර කරනු ලැබ ඇත.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය එහි සභාපති ලෙස පත් කර තිබේ.

අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව් දෙනෙකු පත් කර ඇති අතර ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ. හමීඩ් එම සාමාජිකයෝ අතර වෙති.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *