ශ්‍රී ලංකාවෙන් පළමු වරට monkeypox රෝගියෙක්

ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා (Monkeypox) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සඳහන් කර සිටිනවා.

ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර ඇති බවත් එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.