නව මදුරු විශේෂ දෙකක් මෙරටින් සොයා ගැනේ

මෙරට ජෛව විවිධත්වය ඉහළ නංවමින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ.

කියුලෙක්ස් සින්ටෙලස්, කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා යන නාමයන්ගෙන් හැඳින්වෙන මෙම මදුරු විශේෂයන් මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම මදුරු විශේෂයන් දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී ඇති අතර  ඔවුන් රෝග වාහකයින් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව සඳහන්ය.

එමෙන්ම මෑත කාලය තුළ නව මදුරු විශේෂ 03 ක් කීටවිද්‍යා නිලධාරින් විසින් සොයාගැනීමට සමත්ව ඇති බව සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා,

“ශ්‍රී ලංකාව තුළ ජෛව විවිධත්වය වැඩිකරමින් නව මදුරු විශේෂ සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්වෙලා තියෙනවා. කියුලෙක්ස් සින්ටෙලස්, කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා මදුරු විශේෂ දෙක තමයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ  කීටවිද්‍යා කණ්ඩායම විසින් සොයාගනු ලැබුවේ. එම විශේෂ දෙකෙන් එක් විශේෂයක් කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා කියන විශේෂය දැනට ඉන්දියාවේ මොළේ මැලේරියාව ‌‌බෝ කරන,  කියුලෙක්ස්ඉන්ෆියුලා කියන විශේෂයට වඩාත්ම ඥාතිකම් කියන මදුරු විශේෂයක්. එම නිසා එම මදුරු විශේෂය අනාගතය තුළ ලංකාවේ  වාහකයෙකුවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම තමයි කියුලෙක්ස් සින්ටෙලස් කියන මදුරු විශේෂය. එම මදුරු විශේෂ ලෝකයේ කිසිම රටක වාහකයෙක් වෙන්නේ නැහැ. ඉන්දියාව, තායිලන්තය වැනි රටවලින් වාර්තා වෙනවා. ලංකාව තුළ වාහකයෙක් ද? නැද්ද? වන වග තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින්නේ. මෑත වරස 5 ඇතුළත කාලය තුළ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන් ලංකාවට අලුත් මදුරු විශේෂ 3ක් පමණ අලුතින් හඳුන්වලා දීලා තියෙනවා. තවත් මුදුරු විශේෂ 4ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරලා තියෙනවා අලුතින් සොයගත් විදිහට ඒවා ජානමය පරීක්ෂණ සඳහා කොරියාවේ විශ්වවිද්‍යාලයකට යවලා තියෙනවා.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *