කෝටිපතියන් රැවටූ ප්‍රියමාලි රිමාන්ඩ්

විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා (ඔක්. 6) නියෝග කළේ ය.

තිළිණි ප්‍රියමාලි නමැති සැකකාර කාන්තාවක් එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල රුපියල් 16 ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන එහි ආයතනයක් පවත්වාගෙන යමින් ඇය මෙම වංචාව සිදුකර තිබේ.

සැකකාර කාන්තාවගේ වංචාවට හසුවූ කෝටිපතියන් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මෙරට ප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණය ලබමින් ඇය සිය ගමන්බිමන්වල යෙදී ඇති බවද අධිකරණයේදී අනාවරණය කෙරිණි.

කොළඹ හා ඒ අවට සුපිරි මහල් නිවාස සංකීර්ණ ලබා දෙන පවසමින් ද ඇය විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන එසේ වංචා කර ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *