අනිද්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ.

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *