කොකේන් ගෙන ආ උගන්ඩා ජාතිකයා අත්අඩංගුවට

කොකේන් ගුලි කිහිපයක් උදරයේ සඟවාගෙන පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උගන්ඩා ජාතික 43 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යය හරහා මෙරටට පැමිණ ඇත.

වැඩිදුර පරීක්ෂාවේදී සැකකරුගේ උදරයේ තිබී කොකේන් සහිත ගුලි 17ක් පිටතට ගැනීමට සමත්ව ඇති බව වාර්තාවෙයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ එම කොකේන් ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 12ක් පමණ වන බවය.

අනතුරුව සැකකරු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *