ජනාධිපති අද පිලිපීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයේ දෙවන දිනය අදයි.

ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට නියමිතය.

මෙවර එහි මුලසුන හිමිව ඇත්තේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වීම විශේෂත්වයක් වේ.

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඒ සඳහා අද දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත අතර රැස්වීම අතරතුර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජපාන සංචාරයේ පළමු දිනය වූ ඊයේ (27) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජපාන විදේශ අමාත්‍යවරයා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කර තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *