ගල් අඟුරු තොගයකට රජය අත්තිකාරම් ගෙවයි

නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිව ඇති ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම අද සිදුකළ බවය.

ගල්අඟුරු සම්පූර්ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර්ඝ කාලින ටෙන්ඩර් සහ අත්පිට මිලදී ගැනීම්වලට අදාළ ටෙන්ඩර් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීම සඳහා විවෘත කළ ටෙන්ඩරය අවලංගු වීමත් සමග ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබූ පසුබිමක අමාත්‍යවරයා අද මෙම ට්විටර් සටහන නිකුත් කර තිබුණි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *