ශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ලැබුණු සහතිකය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා පැරිස් ක්ලබ් මූලධර්මවලට අනුව ආධාර ලබා දීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබා දීමට ද කටයුතු කරන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *