ලිට්‍රෝ ගෑස් මිල පහළට: නව මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් අඩු කර ඇති අතර නව මිල වන්නේ රු. 4551ක්.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් අඩු කර ඇති අතර නව මිල ලෙස සටහන් වන්නේ රු. 1827ක් ලෙසයි.

මේ අතර කිලෝග්‍රෑම් 2.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 21කින් අඩු කර ඇති අතර නව මිල ලෙස සටහන් වන්නේ රු. 848ක් ලෙසයි.

සෑම මසකම 05 වෙනිදා සිදුකරනු ලබන මිල සුත්‍රය අනුව මෙම නව මිල ගණන් ක්‍රියාත්මක බවයි ලිට්රෝ සමාගම සඳහන් කර සිටින්නේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *