භාණ්ඩ වර්ග 300ක් ආනයනය කිරීම තහනම් කරයි

චොක්ලට් සහ කොකෝවා සහ උකු කිරි, සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අද (23) සිට තාවකාලිකව තහනම් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස තහනම් කර ඇති භාණ්ඩ අතර කාන්තා සහ පිරිමි යට ඇඳුම්, නිමි ඇඳුම් වර්ග රැසක් ද ඇතුලත්.

මීට අමතරව බටර්, මුදවපු කිරි, යෝගට්, රසකාරක එක් කරන ලද පලතුරු, ඇට වර්ග, චොකලට්, කොකෝවා නිෂ්පාදන ද තහනම් කර ඇති භාණ්ඩ අතරට ඇතුලත්.

එමෙන්ම රැවුල බෑම සදහා යොදා ගනු ලබන ආෆ්ටර්ෂේව් ඇතුළු මුහුණු ආලේපන, සුවද විලවුන් ද තහනම් කර ඇති භාණ්ඩ අතරට අයත්.

මිට අමතරව ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ටයිල් වර්ග, බට වර්ග, ඇලුමිනියම්, විදුරු වර්ග රැසක් ද ආනයන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත.

මුද්‍රණ යන්ත්‍ර, වායු සමීකරණ, බර කිරන උපකරණ රැසක් ද මෙලෙස තහනම් කර ඇති භාණ්ඩ අතර වේ.

කැමරා උපාංග, ඩිජිටල් කැමරා සහ වීඩියෝ කැමරා, මයික්‍රෝවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර්, විදුලි කේතල්, කෝපි සහ තේ නිපදවන ස්වයංක්‍රිය උපකරණ ද තහනම් කර තිබෙන භාණ්ඩ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *