මහ බැංකු අධිපතිගෙන් ශුභදායක පණිවිඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යධාරයක් ලබා ගැනීමේ සම්බන්ධයෙන් වන සහතිකයක් මෙම වසර අවසානය වන ලබා ගත හැකි යැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Bloomberg සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ඒ සඳහා ශ්‍රී ලංකාවට බාහිර ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් අවශ්‍ය බව ත් ඉදිරි මාස තුන හතර ඇතුළත සියල්ල හොඳින් සිදුවුවහොත් සහ සියලු ම බාහිර ණය හිමියන් ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණ උපාය මාර්ගය සමග සහයෝගයෙන් කටයුතු කළහොත් එම සහතිකය දෙසැම්බර් මාසයේදී ලබා ගත හැකි බව ය.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව පිළිබඳ වන පත්‍රිකාව එහි විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි අතර එමගින් ඔවුන්ට මෙම වසර අවසානයේදී විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම ආරම්භ කළ හැකි බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.