රන්ජන්ට නිදහස දෙන්න රනිල් වැඩ පටන් ගනී

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දී නිදහස ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ලිපි ලේඛන දැන් පරීක්‍ෂා කරගෙන යන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (17 දා) පැවසීය.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස කලා සංවිධාන රැසක් කළ ඉල්ලීම සලකා බලා මේ පිළිබඳව වහාම කටයුතු කිරීමට වැඩබලන ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

මේ අතර අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද මේ පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු පෙන්වා දී තිබේ.