රට යන්න ආ බැසිල් ආපසු හැරී යයි


හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. හිටපු අමාත්‍යවරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටව යාමට සුදානම් ව සිටිය බවයි වාර්තා වන්නේ. ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

කෙසේ වුවද අද අලුයම ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සිටි මගීන් පිරිසක් ද, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එම ගුවන් යානයට පැමිණෙන බව දැන ගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපොළේ දී විරෝධතාවයක යෙදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රභූවරුන්ට මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා “සේද මාවත” පර්යන්තයෙන් ආගමන විගමන නිලධාරීන් ද සිය රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර ඇත්තේ එම පසුබිමක් මත බවයි වාර්තා වන්නේ.

මෙම සියලු කරුණු අනුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට අද අලුයම නැවත අමෙරිකාව බලා දිවයිනෙන් පිටව යාමට ඉඩ නොලැබුණු බවයි වාර්තා වන්නේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *