හිරුණිකා ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සිටින බව ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසින් එළියට පැමිණෙන ලෙස බල කරමින් ජනාධිපති මන්දිරය ඉදිරිපිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

ජනාධිපති මන්දිරයට ප්‍රවේශ වන මාර්ගයේ යොදා ඇති මාර්ග බාධක ඉවත් කරමින් ඇය ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එහි සිටින ආරක්ෂක නිලධාරීන් ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව වසා දැමීමට කටයුතු කළ අතර පසුව ඇය ඇතුළු පිරිස ගේට්ටුව ඉදිරිපිට ජනාධිපතිවරයා පැමිණෙන තෙක් රැඳී සිටින බවට පවසමින් එම ස්ථානයේ සිට මහ ජනතාවට ද එම ස්ථානයට පැමිණෙන ලෙසට ඉල්ලීමක් කළා ය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *