රාජ්‍ය සේවය ඉහළ දමන්න ජනපතිගෙන් උපදෙස්

අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එකම සේවාවක් ලබාදීම සඳහා වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ. අග නගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බව ජනාධිපතිවරයා පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *