ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ දැමේ

අද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම සමග මෙලෙස ඉන්ධන සපයා ගැනීමේ මිල සංශෝධනය කිරිමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව යතුරුපැදි සඳහා රු. 2500, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක් සහ මෝටර් රථ, වෑන් රථ සඳහා රු.10,000ක් දක්වා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

ඊයේ දිනයේදී භූමිතෙල් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලුවද පවතින තත්ත්වය අනුව ඒ සඳහා අවසර හිමිනොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *