රටේ ඉන්ධන තත්ත්වය ගැන අලුත්ම අනාවරණය

ඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට රට තුල තිබෙන පෙට්ට්‍රල් තොග සීමිත බැවින් ඒවා නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි ඔහු කියා සිටියේ.

ත්‍රිරෝද රථ ඇතුළු දෛනික ජීවිකාව කරගෙන යනු ලබන පුද්ගලයින්ට පෙට්ට්‍රල් නොමැතිකමෙන් පිඩාවට පත්වන බවත් එයට සමාව අයදින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පෙට්ට්‍රල් රැගත් නෞකාවක් ඉකුත් මාර්තු මස 28 වෙනිදා සිට මෙරට ආසන්න මුහුදු සිමාවේ නැංගුරම්ලා ඇති බවත් එම නෞකාවට මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් නොමැතිකම නිසා එය ගොඩබෑමට නොහැකිවී ඇති බව කියා සිටියේ. මෙම ඉන්ධන නෞකාවට ඉකුත් ජනවාරි මාසයේදී ලබාදුන් පෙට්ට්‍රල් තොග වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 53ක් ගෙවීමට සිදුව ඇති බව ද කියා සිටියා.

එම හිඟ මුදල අගෝස්තු මාසයේදී ගෙවීමට මහ බැංකුව විසින් ගෙවීම් සැලසුමක් ලබාදීමෙන් පසුව දැනට පවතින පෙට්ට්‍රල් තොග වලට අදාළ මුදල් ගෙවා ඉන්ධන නෞකාව නිදහස් කිරීමට අදාළ සමාගම එකඟවී ඇති බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා. ඒ අනුව ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කටයුතු කරන බවත් අද හෝ හෙට දිනයේදී අදාළ මුදල් ගෙවා නෞකාව නිදහස් කර ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඇතිවී තිබෙන තත්ත්වය නිසා ඉදිරි දින 02කදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස කියා සිටියි අමාත්‍යවරයා පෙට්ට්‍රල් සැපයුම යථා තත්ත්වයට පත් කර ගැනීම ලබන ඉරිදා දක්වා කල් ගතවනු ඇති බවද කියා සිටියා.

මේ වන විට රටේ ඩිසල් සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව පැවසූ බලශක්ති අමාත්‍යවරයා, ඉන්ධන සඳහා ණයවර ලිපි කල් පිරීමේදී ගෙවීමට ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 735ක් බව ද කියා සිටියා.