පොලිසියේ රැසකට ස්ථාන මාරුවීම්!!

පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී ජී එන් ඩබ්ලිව් ඩී තල්දූව, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස මාරුකර තිබෙනවා.

තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඩී ජී එල් ඒ ධර්මසේන මාරුකර යවා ඇත්තේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් ඒ අයි ඒ ඩී එස් පී ඉරසිංහ, පානදුර කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර තිබෙනවා.

පොලිස් අධිකාරී ඩබ්ලිව් එම් එස් වෙදගේ ගල්කිස්ස කොට්ඨාසයේ සිට මාරුකර යවා ඇත්තේ පානදුර කොට්ඨාස භාර නිලධාරී ලෙසයි. සහකාර පොලිස් අධිකාරී ඒ ඒ ප්‍රගති ලක්මිණි ගල්කිස්ස කොට්ඨාසයේ සිට පානදුර කොට්ඨාසයේ හොරණ දිස්ත්‍රික් භාර නිලධාරී ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ එම් වීරක්කොඩි මාරුකර ඇත්තේ පානදුර කොට්ඨාසයේ සිට කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *