මිල අධික එන්නතට රුසියානු සහනයක් ගැන ආණ්ඩුව බලාපොරොත්තුවෙන්!

ස්පුට්නික් එන්නත මිලදී ගැනීමේදී රුසියානු රජය ශ්‍රී ලංකාවට යම් සහනදායී මිලකට එම එන්නත් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට සාපේක්ෂව ස්පුට්නික් එන්නතේ මිල වැඩි බවයි මාධ්‍යවාර්තාකරු කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදුන්නේ ඉකුත් බ්‍රහස්පතින්දායි. කෙසේ වෙතත්, එම එන්නත හදිසි භාවිතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් අනුමැතිය ලබාදී නැහැ. මේ සම්බන්ධයෙන් ද මාධ්‍යවාර්තාකරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් කරුණු විමසීමක් කළා.

මේ අතර කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,960ක් දක්වා ඊයේ ඉහල ගියා. කෙසේවෙතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ඒ අතරින් 3,146ක් පමණයි. 81,321 දෙනෙකු මේ වන විටත් සුවය ලබා අවසන්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *