දිවුලපිටියෙන් හමුවූ ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි  ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනයවි ඇති බව අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේදි සිදුකළ පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරු වි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමොද සිරිවර්ධන පවසනවා.

මෙම අගලුම් සේවිකාවගේ සැමියා ඇතුළු දරුවන් 04 දෙනා පියා අද දින පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් පවුලේ අනික් සාමාජිකයින් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේ.

ඔවුන් 05 දෙනා සදහා දෙවැනි වතාවට ද පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරිවරයා පවසනවා.

කොරෝනා ආසාදනය වි ඇති 16 හැවිරිදි දැරිය කොළඹ අයි.ඩි එච් රෝහල වෙත යැවිමට කටයුතු කරන බවයි  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන සදහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *