රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කළ අයුරු ජනපති පහදයි

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප‍්‍රමුඛතාව ලබාදෙමින් නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය සකස් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

පූර්ණ අධ්‍යයනයක් සිදු කර වැඩ කළ හැකි අයුරින් සියළු රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

සියළු ක්ෂේත‍්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප‍්‍රථිඵල අත්කරදීම බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් ස`දහා පත් කෙරුණු ලේකම්වරුන්ට මෙහිදී පත්වීම් ලිපි ප‍්‍රදානය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.