තොණ්ඩමන් අල්ලන්න අණ.

senthil thondaman

ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නැයි හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය අද (01) වරෙන්තු නිකුත් කළා.

ඒ, 2014 වසරේදී එවකට රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා වූ පී. දිගම්බරම් මහතා ගමන් කළ වාහනයකට මග හරස් කර බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

අදාළ නඩුව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (01) කැඳවනු ලැබුවා. සෙන්දිල් තොණ්ඩමන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරමින් එහිදී කියා සිටියේ සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් මහේස්ත‍්‍රාත් අධිකරණය එම වෛද්‍ය වාර්තාව ප‍්‍රතික්ෂේප කළා. සෙන්දිල් තොණ්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරුණේ ඒ අනුවයි. එම නඩුව ලබන සැප්තැම්බර් 6 වෙනිදා නැවත විභාගයට ගැනීමට දින නියම කෙරුණා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *